Sunday, February 11, 2018

Robotics 1st lesson

න්න හරියටම අවුරුදු දෙකකට පස්සෙ මගෙ 3 වෙනි Post එක ලියන්න පටන් ගත්තා. ම්... මුලින්ම කියන්න තියන්න තියනෙ Sorry කියල තමයි 3 වෙනි පොස්ට් එක මෙච්චර කල් පරක්කු උනට.  මේ අවුරුදු 2 ට ගොඩක් දේවල් වෙනස් වෙලා ඇති. සමහරු මේ වෙද්දි ගොඩක් දේ ඉගනගන ඇති.
හරි අපි එහෙනම් වෑඩෙට බහිමු..........මේ වෙද්දි ඔයාල මම ලියපු කලින් පොස්ට් 2 කියවල යම් අවබොදයක් අරගෙන ඇති කියල මම හිතන්වා.මම මෙකේදි රොබොටික්ස් ගැන උඩින් පල්ලෙන් නෙමෙයි හැම දේම ගැබුරෙන් කියල දෙනව සරලව.

හොදයි.. රොබොටික්ස් ගත්තාම එකෙ ප්‍රදාන කොටස් 3ක් තියනවා.
  1. Mechanical (යාන්ත්‍රික)
  2. Electronic (ඉලෙක්ට්‍රොනික)
  3. Programming (ක්‍රමලේකනය)
අපි මේකෙදි හදන හැම නිර්මාණෙකදිම මේ 3 අඩු වැඩි වශයෙන් පවිච්චි කරනවා. ඉතින් දැන් අපි මේ 3 ගැන හොදින් ඉගෙනගමු. දැන් අපි බලමු කොහොමද මේ 3 සම්බන්ද වෙන්නෙ කියල.






කොහොමද මේක සරලව තේරුම් කරන්නෙ කියල හිතනකොට මේ රූපෙ තමයි මගෙ හිතේ ඇදුනෙ.   

Mechanical (යාන්ත්‍රික)

මේකෙදි Mechanical කියන්නෙ බොලොක්කය, බර උස්සන්න ලේසිවෙන්න තමයි බොලොක්කය අපි පවිච්චි කරන්නෙ. එවගේම රොබොටිcස් වලදි Mechanical වලින් කරන්නෙ අපිට කරග්න්න ඕනේ වැඩේ ලේසියෙන්ම කරගන්න අපි පවිච්චි කරන යාන්ත්‍රනයි. මෙකෙදි අපිට ඔනේ වැඩේ ඉතාමත් කාර්යක්ෂමව කරගන්න අපි මේ යාන්ත්‍රන ගැන හොද දැනුමක් තියෙන්න ඔනෙ. මම ඉදිරියෙදි මෙම යාන්ත්‍රන ගැන කියල දෙනවා.

Electronic and Electrical (ඉලෙක්ට්‍රොනික) 

මෙතනදි Weight එකයි මනුස්සයි අතර සම්බන්දය තියගන්නෙ ලණුවෙන් ඒ වගේම තමයි electronic වලින් කරන්නෙ අපි යොදා ගන්න උපකරන වලට පණ දෙන එක.

Programming (ක්‍රමලේකනය)

ඊට පස්සෙ තමයි Programming මේක තමයි මොලේ වගේ වැඩ කරන්නෙ. ඇත්තම කියනවා නම් දීල තියන දත්ත අනුව වැඩේ කරගෙන යන එක තමයි මෙයා කරන්නෙ. මෙතනදි රූපෙ විදිහට නම් මනුස්සයා තමයි Programming විදිහට වැඩ කරන්නේ.

ඉතින් මෙන්න මේ 3 එකට එකතු උනාම තමයි Robotics කියන්නේ.




හොදයි මම ඊලග පාඩමේදි කියල දෙනවා කොහොමද මේ 3 පාවිච්චි කරල නිර්මණ කරන්නේ කියලා. මේවා කරන්න මම ඉස්සරහදි මම Arduino තාක්ෂණය පාවිච්චි කරනව, බය වෙන්න එපා ඒක මුල ඉදලම සරලව මම කියලා දෙනව. ඉලග ලිපිය ලබන සතියෙ මම දන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔයලා මාත් එක්ක දිගටම එකතුවෙලා හිදි කියලා.

ඉදිරියෙදි මම කියල දෙනව මේ 3න පවිච්චි කරල Line follow රොබොට් කෙනෙක් හදන විදිය.


කියන්න තියන්නෙ වෙනද වගේම දන්නෙ නැති ඒවා අහන්න කියල තමයි. මොකද ප්‍රශන තියාගෙන ඉස්සරහට ගිහින් වැඩක් නෑ....
 
email - til2led@gmail.com
fb-       Thilanka Weerathunga ( Fb මැසේජ් කරන්ව නම් Robotics සයිට් එකෙන් කියන්න මැසේජ් කරද්දි )

එහෙනම් ලබන සතියේ හම්බු වෙමු...
ජය වේවා......!!!
 


Saturday, February 6, 2016

What is robotics






න්න යාළුවනේ මම දෙවෙනි ලිපියෙන් රොබොටික්ස් කියන්නේ මොකක්ද කියලා කථා කරන්නයි යන්නෙ. මම දන්නවා මේ විෂයට ආසාව තියෙන ගොඩක් දෙනෙක් මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්නෙ කියලා.
හොදයි වැඩි කතා ඕනේ නෑ, දැන් අපි බලමු මොකක්ද මේ රොබොටික්ස් කියන්නේ කියලා. ගොඩක් දෙනෙක්ට රොබෝලා කිවුවාම මතක් වෙන්නෙ ජපානේ හදන මානව රූපී රොබෝලා, ඇත්තටම මේකද රොබොටික්ස් කියන්නෙ, ඔව් මේකට රොබොටික්ස් කියනවා, ඒත් මේ රොබොටික්ස් වල තියෙන සංකීර්ණ අවස්ථාවක්.
ඇත්තටම සරලවම රොබොටික්ස් කියන්නේ අපි මොකක් හරි මෙවලමක් හදනවා ඒකෙන් විශේෂ වැඩක් ගන්න ඒකට කලින් දීල තියෙන දත්ත වලට අනුව
අපි මුලින්ම උදාහරණයක් ගමු,
ඔයාල දැකල තියෙනව නේද ඉබේ ඇරෙන දොරවල් (Auto Door)දොර ලගට යද්දි දොර ඉබේම ඇරෙනවා. ඔයාල හිතුවද කවදහරි මේක වැඩ කරන්නෙ කොහොමද කියලා, ගොඩක් අය කියයි ඔව් කියලා, මොකද මේ විෂයට උණ තියෙන ගොඩක් අය මේ දේවල් ගැන හිතනවා.
රොබොටික්ස් කියන්නෙ මේ වගේ සරල දෙවල් වල ඉඳලා NASA වලින් අඟහරු වලට යවන රොබෝල වගේම විවිධ සියුම් ක්රියාකාරකම් කරන ඉතාමත් සන්කීර්ණ තත්වයන් දක්වා විහිදුනු පුළුල් විෂයක්.
මේ විෂය හැදැරීමට මුලින්ම මේ හා සම්බන්ධ වන උපාංග පිලිබඳ අවබොධයක් ලබා ගන්න ඕනේ
මම ඊලඟ ලිපියෙන් මේ උපාංග ගැන වගේම ඒවා කොහොමද අපිට ඕනෙ වෙන්නෙ කියල විස්තර කියන්න බලපොරොත්තු වෙනවා.

මම ඉතින් හැමදාම කියනවා වගේ ප්ශ්න තියෙනව නම් හංගන් ඉන්න එපා දාන්න mail එකක්
til2led@gmail.com


Thursday, February 4, 2016

Robotics And Sri Lanka




රොබොටික්ස් කියන්නෙ යාලුවනේ අද වෙනකොට ලොකේ ගොඩක් දෙනෙක් අතර ඉතාමත් ජනපිය විෂයක්. අපිට මෙකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජන ගොඩක් තියනවා. අපිට මේ විෂය විනොදාංශයක් විදියට වගේම මුදල් උපයන මාර්ගයක් විදියට භාවිත කරන්න පුලුවන්. නමුත් මෙම විෂය ලංකාව තුල ජනපිය වීමේ අඩුවක් මම දකිනවා. ලංකාව මේ විය සුලු පිරිසක් අතර පමනක් ප්‍රෙචලිත වෙලා තියනවා. ගොඩක් අයට පාසල් යන කලේ ඉදන් මේ උණ තිබුනත් මේ ගැන සිංහලෙන් තියන ලිපි ගොඩක් අඩුයි. ඇත්තටම කියනවනම් හොයගන්න බැරි තරම්. මේක නිසා තමයි මේ විය ලංකාව ප්‍රෙචලිත වෙන්නෙ නැත්තෙ. මෙන්න මේ නිසා තමයි මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ. මේ විෂයට උණක් තියන ගොඩක් අය මාත් එක්ක එකතු වෙයි කියල මම හිතනව.

මුලින්ම කියන්න ඔනෙ කරුනක් තමයි මෙකට මුලික දනුමක් ඕනෙ නෑ ඕනෙ එකම දේ තමයි මේ විෂයට තියන උණ.
ඔයලාගෙ අදහස් යොජනා හංගගන ඉන්න එපා මට mail එකක් දාන්න.

til2led@gmail.com