Saturday, February 6, 2016

What is robotics






න්න යාළුවනේ මම දෙවෙනි ලිපියෙන් රොබොටික්ස් කියන්නේ මොකක්ද කියලා කථා කරන්නයි යන්නෙ. මම දන්නවා මේ විෂයට ආසාව තියෙන ගොඩක් දෙනෙක් මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්නෙ කියලා.
හොදයි වැඩි කතා ඕනේ නෑ, දැන් අපි බලමු මොකක්ද මේ රොබොටික්ස් කියන්නේ කියලා. ගොඩක් දෙනෙක්ට රොබෝලා කිවුවාම මතක් වෙන්නෙ ජපානේ හදන මානව රූපී රොබෝලා, ඇත්තටම මේකද රොබොටික්ස් කියන්නෙ, ඔව් මේකට රොබොටික්ස් කියනවා, ඒත් මේ රොබොටික්ස් වල තියෙන සංකීර්ණ අවස්ථාවක්.
ඇත්තටම සරලවම රොබොටික්ස් කියන්නේ අපි මොකක් හරි මෙවලමක් හදනවා ඒකෙන් විශේෂ වැඩක් ගන්න ඒකට කලින් දීල තියෙන දත්ත වලට අනුව
අපි මුලින්ම උදාහරණයක් ගමු,
ඔයාල දැකල තියෙනව නේද ඉබේ ඇරෙන දොරවල් (Auto Door)දොර ලගට යද්දි දොර ඉබේම ඇරෙනවා. ඔයාල හිතුවද කවදහරි මේක වැඩ කරන්නෙ කොහොමද කියලා, ගොඩක් අය කියයි ඔව් කියලා, මොකද මේ විෂයට උණ තියෙන ගොඩක් අය මේ දේවල් ගැන හිතනවා.
රොබොටික්ස් කියන්නෙ මේ වගේ සරල දෙවල් වල ඉඳලා NASA වලින් අඟහරු වලට යවන රොබෝල වගේම විවිධ සියුම් ක්රියාකාරකම් කරන ඉතාමත් සන්කීර්ණ තත්වයන් දක්වා විහිදුනු පුළුල් විෂයක්.
මේ විෂය හැදැරීමට මුලින්ම මේ හා සම්බන්ධ වන උපාංග පිලිබඳ අවබොධයක් ලබා ගන්න ඕනේ
මම ඊලඟ ලිපියෙන් මේ උපාංග ගැන වගේම ඒවා කොහොමද අපිට ඕනෙ වෙන්නෙ කියල විස්තර කියන්න බලපොරොත්තු වෙනවා.

මම ඉතින් හැමදාම කියනවා වගේ ප්ශ්න තියෙනව නම් හංගන් ඉන්න එපා දාන්න mail එකක්
til2led@gmail.com


2 comments:

  1. රොබෝටික්ස් අපි අහල තියෙනවා. දැකල තියෙනවා. එත් ඉගෙන ගෙන නැහැ.
    ඒ සබ්ජෙක්ට් එකට පොඩි ආසාවක් තිබ්බා වුනාට වැඩියේ පැන්නුවේ නැති හින්දා තමයි ඒ.
    බ්ලොග් එක හොඳයි වගේ.බලමු. ඉස්සරහටත් එන්නම් .

    ReplyDelete
  2. වැදගත් පෝස්ට් එකක් කලිං එකත් කියෙව්ව.
    පුලුවන්ද ෆලෝවර් ගැජට් එක එල්ල ගන්න
    අපිට එන්ට කරන්ට ලේසී එතකොට

    ReplyDelete